භාරකරුවන්
රැකවරණය සලසන්නෙකු යනු කවුරුන්ද?
රෝගියෙකුට ආරක්ෂාව සපයමින්, ඔහු / ඇය ගේ සියළු මූලික අවශ්‍යතා (නිරන්තර වෛද්‍ය හමුවන් සුදානම් කිරීම, ප්‍රතිකාර, කුසලතා හා දෛනික ජීවන තත්ව සංවර්ධනය ඇතුළුව) ඉටුකර දෙන පුද්ගලයා වේ.
රැකවරණය සලසන්නාගේ කාර්යභාරය
- මනෝ වෛද්‍යවරයා හමුවීමට රැගෙන යාම හා වෛද්‍ය උපදෙස් අ නූව ක්‍රියාකිරීම. (ආයතනගත කිරීම/ නොකඩවා වෛද්‍යවරයා හම
ුවීම. හා ප්‍රතිකාර නිසි පරිදි ලබාදීම)
- දෛනික ජීවිතයට අවශ්‍ය කුසලතා වැඩිදියුණු කරවීම.
- ස්වාධීනව ජීවත් වීමට සේවාලාභියා පුහුණු කරවීම.
- ඔහු/ඇය නිවසේ සිටින විට, යම් ක්‍රියාකාරකමක නිරතකරවීම හරහා තනිව සිටින කාලය අවම කරවීම.
- ජීවන තත්වය වැඩි දියුණු කරවීම හා කුසලතා සංවර්ධනය සඳහා වූමධ්‍යස්ථානයකට යොමුකරවීම.
- එබඳු පහසුකම් නොමැති නම්, නිවසේදී පවුලේ සාමාජිකයන්,නෑදෑයන් සමඟ එක්වී ඔහු/ ඇයගේ කුසලතා සංවර්ධනයට හා ජීවන තත්ව දියුණු කිරීමට කටයුතු කිරීම.
- සනීපාරක්ෂාව දියුණු කිරීම.
- බර පිළිබඳ සැලකිලිමත්වීම හා ව්‍යායාම්හි නිරතවීම.
- කොලෙස්ටරෝල් මට්ටම හා දියවැඩියාව සඳහා රුධිර පරීක්ෂණය න් සිදුකිරීම.
- ඔහු/ඇයගේ රෝගාබාධයන්ට (දියවැඩියාව, අධිරුධිර පීඩනය ආදී) අනූව ආහාර පාලනය හා සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම.
රැකවරණය සලසන්නන්ගේ රැස්වීම.
බොරැල්ල සහනය ආයතනයේදී රැකවරණය සලසන්නන්ගේ රැස්වීමක් මාසිකව පැවැත්වේ.
සාකච්ඡා වන කරුණු:
- රෝගීන්ට නිවසේදී සත්කාර කිරීමේදී ඇතිවන ගැටළු.
- නිවසේදී ඔවුන්ගේ හැසිර
ීම.
- නිවසේදී ඔවුන් කළහකාරී වන්නේද, එවිට ඔවුන් පිළිබඳ ක්‍රියාකළ යුත්තේ කෙසේද යන වග.
- ඔවුන් නිවසටම කොටු වී සිටින්නේද යන වග.
- පවුලේ සාමාජිකයන්, මිතුරන්, නෑදෑයින්,අසල්වැසියන් සමඟ ඔවුන්ගේ හැසිරීම.
- නොකඩවා මනෝවෛද්‍යවරයා හමුවීමට යන්නේද යන වග.
- නිසි පරිදි ප්‍රතිකාර ලබාගන්නේද යන වග.
- පවුලේ සාමාජිකයෙකුගේ මානසික රෝගී තත්වයකදී ඇතිවන ගැටළු පිළිබඳ වැඩිදුර ඉගෙනීමට.
ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට යෝජනා:
- දේපල ඉඩකඩම් (ඇත්නම්) ඔවුනට නීත්‍යානුකූලව පවරාදීම.
- ඔවුන් වෙනුවෙන් බැංකු ගිණුම් විවෘත කර, මුදල් තැම්පත් කිරීම.
- ස්වයං රැකියා අවස්ථා සැලසීම.
- ඔවුන් සුවය ලබන විට, යම් ආයතනයක රැකියා අවස්ථාවක් සපයාදීම
|