දායකත්වය
සහනයට අනුග්‍රහය දැක්වීමට ඔබටත් හැකියි.
මිහිතලයට ආලෝකය දෙන සූර්යයා සියලු ජීවය නිර්මාණය කිරීමට මූලිකවන්නා සේම ඔබ අපට සපයන දායකත්වය මානසික රෝගයන්ගෙන් පෙළෙන්නාවූ සුවහසක් ජනතාවට බලාපොරොත්තුවේ ආලෝක රශ්මියක් වනු ඇත.
මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික සභාව සහනය වනාහි රාජ්‍ය මුදල් හා වෙනත් පරිත්‍යාග මත යැපෙන්
නාවූ ආයතනයකි.
අනුග්‍රහය දැක්විය හැකි අයුරු
ඔබගේ මූල්‍යමය පරිත්‍යාග අපි ගෞරවයෙන් භාරගන්නෙමු. (සියලු පරිත්‍යාග බදු වලින් නිදහස් වේ.)
-සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු මෙන්ම අනෙකුත් ස්වෙච්ඡා සේවකයන්ට අප හා එක්ව පුනරුත්ථාපන වැඩසටහන් පැවැත්වීමට හා අරමුදල් එක්රැස්කිරීමෙන් දායක විය හැක.
-සෞඛ්‍ය අංශයේ සේවයේ නිරතවූවන්ට මෙන්ම අනෙකුත් වෘත්තිකයන්ට අප හා එක්ව තම දැනුම ලබාදිය හැක.
මාන
සික රෝගී පුද්ගලයන්ගේ ජීවන තත්වය උසස් කිරීම හා ඔවුන් නැවත සමාජ ගත කිරීම උදෙසා අප හා එක්ව කටයුතු කිරීමට කැමති ඔබට අපේ සුහද ආරාධනා.. පුනරුත්ථාපන වැඩසටහනේ නියුතු එක් සේවාලාභියෙකු වෙනුවෙන් මසකට රු 3500ක මුදලක් සහනය විසින් යොදවනු ලබයි.
මුල්‍යමය පරිත්‍යාග මෙන්ම ද්‍රව්‍යමය පරිත්‍යාග ද අප වෙත ලබාදීමට ඔබට හැකිය.
මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික සභාව තම සංවිධාන අරමුණු ඉටු ක
ර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් පුද්ගල හා සමාගම් අනුග්‍රහකත්ව මත රදා පවතී. සියලු පරිත්‍යාග බදු වලින් නිදහස් වේ.
ඔබත් පරිත්‍යාගයක් කිරීමට කැමැත්තේ නම් අප අමතන්න. නැත්නම් ලංකා බැංකුවේ බොරැල්ල ශාඛාව හරහා ඍජුවම ඔබේ පරිත්‍යාගඅප වෙත යොමු කරන්න.
බැංකු ගිණුම :NCMH
බැංකු ගිණුම් අංකය :193654
කොල්වින් කරුණාරත්න මහතා
පරිපාලක
මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික සභාව-සහනය
96/20
කිතුල්වත්ත පාර
කොළඹ 08
දුරකථන :0112685960
දුරකථනෆැක්ස් :0115350819
ඊ මේල් :council@sahanaya.org
|