සහනය ඔබ සැම ‌සාදරයෙන් පිළිගනිමු

ජාතික මානසික සෞඛ්‍ය සභාව, මානසික සෞඛ්‍ය සත්කාරය ගැන පුනරුත්ථාපන, අධ්‍යාපන සහ පුහුණු වැඩසටහන් පවත්වනු ලබන, 1982 වර්ෂයේදී ස්ථාපනය කරන ලද සම්පත් මධ්‍යස්ථානයකි. මෙය 1982 වර්ෂයේදී පාර්ලිමේන්තු පනතකින් ස්ථාපනය කොට පුණ්‍යාතනයක් ලෙස මුදල් අමාත්‍යාංශයේ ලියාපදිංචි කරන ලදි.
සහනය, බොරැල්ල සම්පත් මධ්‍යස්ථානය සහ ගොරකාන නේවාසික මධ්‍යස්ථානයකින් සමන්විතයි.


දැක්ම
පර්යේෂණයසංවර්ධනය හා සත්කාරය මඟින් උපරිම මානසික සෞඛ්‍ය තත්වයකට පමුණුවාලීම.

මෙහෙවර
මානසික සෞඛ්‍ය සේවාව සැපයීමෙන් සහ මානසික සෞඛ්‍ය සත්කාරයෙහිලා මෙම ආයතනය ශ්‍රි ලංකාවේ අග්‍ර ගණයේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි

න්‍යායානුකූල පදනම
ජීව මනෝ සමාජීය ආකෘතිය


ප්‍රායෝගික උපදේශනය සහ මානසික සෞඛ්‍ය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

ප්‍රායෝගික උපදේශණය සහ මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුම සහ කුසලතා වර්ධනය කිරීමේ වැදගත් අවශ්‍යතාවය සඳහා අපගේ කාලය වැය කරමින් සහනය - ජාතික මානසික සෞඛ්‍ය සභාව ප්‍රායෝගික උපදේශණය සහ මානසික සෞඛ්‍ය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් පවත්වාගෙන යනු ලබයි. වැඩි විස්තර සඳහා

ගොරකාන නේවාසික මධ්‍යස්ථානයේ උපදේශන සේවාව
පානදුර ගොරකාන නේවාසික මධ්‍යස්ථානයේ උපදේශන සේවාවක් ආරම්භ කොට ඇත. මෙම සේවාව සදුඳා සිට ඉරිඳා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 7.00 දක්වා පැවැත්වේ. වර්ෂ ගණනාවක පළපුරුද්ද ඇති මනා සුදුසුකම් ලත් උපදේශන නිලධාරීන් විසින් උපදේශන සේවාව හා මනෝ...
 
Copyright © Sahanaya 2010 Powered By PC'S R US