» කොළඹ විශ්ව විද්‍යාලය
» කැළණිය විශ්ව විද්‍යාලය
» ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
» හෙද ශිෂ්‍ය ශිෂ්‍යාවන්
» විභාගයට අත්වැලක්
 
නම :
ලිපිනය :
ඊ මේල් :
දුරකථන :
පණිවිඩය :
 
ශිෂ්‍ය ශිෂ්‍යාවන්


වෛද්‍ය පීඨ සිසුන්ගේ සිට ස්වෙච්ඡා සේවකයන් දක්වා විවිධ වූ කණ්ඩායම් සඳහා සහනය විසින් මානසික සෞඛ්‍ය පුහුණු වැඩසටහන් පවත්වනු ලබයි. මේවා ඉලක්ක ගත කණ්ඩායම් වල අවශ්‍යතා හා දැනුම් මට්ටමට සරිලන පරිදි සකසා ඇති අතර, ඉතාම ක්‍රියාශිලීව ලෙස සිදු කරනු ලැබේ.


කොළඹ, කැළණිය හා ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයන්හි සිසුන් සඳහා  පුහුණු වැඩසටහන් නොකඩවා පැවැත්වෙන අතර, එය ඔවුන්ගේ ප්‍රජා සෞඛ්‍ය  පාඨමාලාවේහි කොටසක්ද වේ. මේ හැරුණු විට වෛද්‍ය සිසුන්ට, හෙද හෙදියන්ට හා පශ්චාත් උපාධි පාඨමාලා හදාරන වෛද්‍යවරුන්ට විශේෂ පුහුණු වැඩසටහන් ද පවත්වනු ලබයි.


ගුරුවරුන්, පාසැල් සිසුන්, සේව්‍යයන්, මාපියන්, ජනතා නායකයන් ඇතුළු ප්‍රජාවෙන් දක්වන උනන්දුවට ප්‍රතිචාර වශයෙන් සහනය එම කණ්ඩායම් වෙනුවෙන් ද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. මානසික රෝග පිළිබඳ දැනුවත් කිරීම හා මානසික රෝගයන්ට වඩා සාර්ථක ලෙස මුහුණ දීම සඳහා ප්‍රජාවේ කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන් නිර්මාණය කෙරේ.


සහනය ආයතනය පිරිස් ගණනාවකට දේශන හා පුහුණු වැඩසටහන් පවත්වනු ලබයි

  • කොළඹ ශ්‍රී ජයවර්ධනපුර සහ රාගම වෛද්‍ය පීඨයන්හි සිව්වන වසර සහ අවසන් වසර සිසුන් 
  • මුල්ලේරියාව හෙද විදුහලේ සිසුන් 
  • ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කලාපීඨ සිසුන්
  • පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ දේශකවරු සහ මානසික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ පුහුණුවක් ලබන වෛද්‍යවරු 
  • පුහුණු ගුරුවරුන්

 

 

මානසික සෞඛ්‍ය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා

  • දේශන
  • පුහුණු වැඩසටහන්
  • පත්‍රිකා, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සාකච්ඡා

ආදිය යොදා ගනු ලැබේ.


 


Copyright © Sahanaya 2010 Powered By PC'S R US