» පුනරුත්ථාපනය
» ස්වෙච්ඡා කාර්යමණ්ඩලය
» මානසික රෝගීන්ට රැකවරණය සලසන්නන්
 
නම :
ලිපිනය :
ඊ මේල් :
දුරකථන :
පණිවිඩය :
 
පුනරුත්ථාපනය

මානසික රෝගයන්ගෙන් සුවය ලබමින් සිටින පුද්ගලයන්ගේ පුනරුත්ථාපනය වෙනුවෙන් සහනය ඉතා ක්‍රියාශීලීවූ දිවා වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි


මානසික රෝගීන් පුනරුත්ථාපනය යනු:-

කිසියම් පුද්ගලයෙකුගේ  ජීවන ගමන් මගේදී ඔහුට හෝ ඇයට සිදුවන කුමන හෝ බලපෑමකි න් ඇතිවන මානසික තත්වය සීග්‍රයෙන් පහල බසිනු ලැබේ. එසේ පහල බසින ජීවන තත්වය පෙර තිබූ තත්වයට පත්කර ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම් හා දෛනික ක්‍රියාකාරකම් වල නියැලීමට උදව් කිරීම මේ නමින් හැඳින්වේ.



සහනය ආයතනයේ හැකියා සංවර්ධනය සහ ජීවන තත්වය උසස් කිරීමේ අංශය.

අප අංශය වෙත යොමුවිය හැක්කේ කෙසේද?

සේවාලාභියා ප්‍රතිකාර ලබාගන්නා  විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු හෝ මනෝ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මතයි.



අප අංශය වෙත යොමු වූ පසු

  • අප ආයතනයේ මනෝ වෛද්‍යවරයා වෙත යොමු කරනු ලබයි.
  • වෛද්‍යවරයා විසින් සේවාලාභියාගේ රෝගී තත්වය පිළිබඳ නිරීක්ෂණය කරනු ලබයි.
  • සේවාලාභියාගේ රැකවරණය සලසන්නා හා සහනයේ මානසික සෞඛ්‍ය නිලධාරිනිය විසින් සේවාලාභියා පිළිබඳ සම්පූර්ණ විස්තරයක් සඳහන් කරගනු ලබයි.
  • සේවාලාභියාට සුදුසු  සත්කාර සැලැස්ම ඉන් අනතුරුව සකස් කරනු ලබයි.



අපගේ අනිකුත් සේවාවන්

  • රැකවරණය සලසන්නන්ගේ මාසික රැස්වීමක් පැවැත්වීම.
  • සේවාලාභීන්ගේ මාසික රැස්වීමක් පැවැත්වීම.
  • විශේෂයෙන් හඳුනාගත් සේවාලාභීන්ගේ නිවෙස් කරා යෑම සහ පසුවිපරම සඳහා යෑම.
  • අවශ්‍ය සේවාලාභීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ හමුවක් පැවැත්වීම.

 

දැනට සහනයෙහි සේවාදායකයන් 76 දෙනෙක් ලියාපදිංචිවී සිටී.  දිනකට සේවාදායකයන් 30ත් 35ත් අතර සංඛ්‍යාවක් පුනරුත්ථාපනය සඳහා සහභාගි වේ.

2009 අතර කාලයෙහිදී සේවාදායකයන් 13 දෙනෙක් නැවත යථා තත්වයට පැමිණ රැකියාවන් සොයාගෙන නැවත ඔවුන් සාමාන්‍ය ජීවිත වෙත ගොස් ඇත.


විවෘතව පවතින වේලාවන් 
සඳූදා - සිකුරාදා උදේ 8.30 සිට සවස 4.30 

අප හා සම්බන්ධ වීමට 

දුරකථන: 011-2685960


Copyright © Sahanaya 2010 Powered By PC'S R US